දකුණු පළාතේ හික්‌කඩුව හෙට්‌ටිගොඩ ගමේ ගුණවර්ධන රාළහාමි මැතිඳුන්ටත් ක්‍රිස්‌තිනා මැතිනියටත් දාව 1827 ජනවාරි 20 දා උපත ලද කුමරුවෙකි. ඔහු නමින් නිකුලස් නම් විය. දෙමාපිය වැඩිහිටියන්ගේ කැමැත්ත මත මෙම දරුවා 1840 නොවැම්බර් මාසයේ තෙල්වත්තේ තොටගමු විජයබා පිරිවෙණෙහි හික්‌කඩුවේ සුමංගල යන නමින් පැවිදිව සසුන්ගත වූයේය.
අධ්‍යාපන කටයුතු සඳහා රත්මලානේ පරම ධම්ම ෙච්තිය පිරිවෙණට ඇතුළත් වූයේය. එහිදී වලානේ ශ්‍රී සිද්ධාර්ථ මාහිමිපාණන්ගේ ඇසුරින් ධර්ම විනය, ශබ්ද ශාස්‌ත්‍රය හැදැරීය. එහිදී සිංහල බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථ, පාලි භාෂාව, ඉංග්‍රීසි භාෂාව, කෙරෙහි මනා පුහුණුවක් ලබා ගත්තේය. 1848 දී මහනුවර මල්වතු විහාරස්‌ථ මංගල පෝෂථාගාරයේදී උපසම්පදා තත්ත්වයට පත්වී බටුවන්තුඩුවේ පඬිතුමන්ගෙන් සහ කාශිනාථ විද්‍යාලංකාර නම් බ්‍රාහ්මණ පඬිවරයාගෙන් සංස්‌කෘත භාෂාව හැදැරීය. මේ අනුව සිංහල පාලි, ඉංග්‍රීසි, සංස්‌කෘත, ප්‍රාකෘත, ඡන්දොලංකාර, ව්‍යාකරණ, ජෝතීර්වේදය, වෛද්‍ය ශාස්‌ත්‍රය වැනි විශයන්ගෙන් පෝෂණය වී පණ්‌ඩිතයෙකු වූයේය. පොත්පත් කරණයටද සුවිශේෂීවූ නාහිමියො, තම ධර්ම ශාසත්‍රීය සේවාව තවත් පුළුල් කරමින් බටුවන්තුඩාවේ පඬිතුමන්ගේ ආධාරය සහිතව මහවංශ ටීකාවද පරිවර්තනය කරන ලද්දේය. මෙම ඓතිහාසික සාහිත්‍ය කෘතිය 19 සියවසේ කරන ලද උත්තරීතර ග්‍රන්ථයක් ලෙස සැලකෙයි. බ්‍රහ්මධර්ම කාව්‍ය නැමැති සංස්‌කෘත ග්‍රන්ථයද පරිවර්තනය කරන ලද්දේ හික්‌කඩුවේ ශ්‍රී සුමංගල හිමිපාණන් විසිනි. සිදත් සඟරා සන්නස බාලාවතාර නමින් වූ පාලි ව්‍යාකරණ ග්‍රන්ථයට සුබෝධිකා යනුවෙන් ටීකාවක් ගෙතීම, බ්‍රහ්මධර්ම කාව්‍ය සන්නස, කාව්‍යසේකර සන්නස වැනි කෘතීන්ද නාහිමිපාණන් අතින් ලියෑවිණි. එසේම වර්ණ රීතිය, මාසර්තු ලක්‍ෂණ සත්‍ය සංග්‍රහය, සන්ධි ග්‍රන්තය, සීමා විභාගය වැනි නිර්මාණයන්ද එළි දැක්‌වීය.
පුස්‌කොළ පොත්වල ලියා තිබුණ ධර්ම කරුණු කරවීමට ද මුන් වහන්සේ කටයුතු කළහ. මෙම හිමිපාණන්ගෙන් විවිධ විෂයයන් හැදැරූ දේශීය හා විදේශීය ශිෂ්‍යයන් බොහොමයකි. විදේශීය රටවල් අතරින් ජපානය, ඉන්දියාව, මයිසූර්, සියම, බුරුම, ටිබැටය, ආදී රටවලින් ශිෂ්‍යයෝ පැමිණ නා නා ශාස්‌ත්‍ර හැදැරූහ. මෙරට එවකට සිටි ශිෂයන් අතරට හෙයියන්තුඩුවේ ශ්‍රී දේවමිත්‍ර, මහගොඩ ශ්‍රී ඥනේශ්වර, බිහල්පොල ශ්‍රී දේව රක්‌ෂිත, කහවේs ශ්‍රී රතනසාර වැනි හිමිවරු ඇතුළත් වූහ.
නාහිමිපාණන් විසින් 1873 දී විද්‍යොදය පිරිවෙන ආරම්භ කිරීමෙන් දේශීය භාෂා ශාස්‌ත්‍රයට නවෝදයක් උදා කළේය. මෙම පිරිවෙන මගින් සිංහල භාෂා විෂාරදයින්, සාහිත්‍යධරයින්, ලේඛකයින්, ජෝතිශ් ශාසත්‍රඥයින්, වෛද්‍යවරුන් වැනි ප්‍රකට පුද්ගලයින් බිහිකිරීමට සමත්වීම නිසා රටතුළ ඉමහත් බුද්ධි ප්‍රබෝධයක් ඇතිවිය. මෙතුමාණන්ගේ සමයේදී පුවත්පත් කලාවටද යහ පරිසරයක් උදාවිය. ප්‍රථම වරට ලංකාවේ පුවත්පතක් ආරම්භ වී තිබුණේ 1862 දීය. එය "ලංකාලෝක" නමින් ප්‍රසිද්ධ විය. පසුව "ලක්‌රිවි කිරණ" නමින් තවත් පුවත්පතක් බිහිවිය. මීට අමතරව කොග්ගල ධම්මතිලක පඬිතුමන් විසින් "ලක්‌මිණි පහන" යනුවෙන්ද පුවත්පතක් ප්‍රකාශයට පැමිණවිණි. පරම විඥනාර්ථ බෞද්ධ සංගමය විසින් 1880 දී "සරසවි සඳරැස" යනුවෙන් පුවත්පතක් ප්‍රකාශයට පමුණුවද්දී එහි ශීර්ෂය කාව්‍යයකින් සරසන ලද්දේ හික්‌කඩුවේ මාහිමිපාණන් විසිනි.
එකල ආගම්වාද බහුල වශයෙන් පැවතියේය. බුදුදහම විවේචනයට ලක්‌ව පැවති සමයක බද්දේගම වාදය, පානදුරාවාදය, ගම්පල වාදය, යනාදී වශයෙන් බෞද්ධ ක්‍රිස්‌තියානි වාද පැවතුණි. මෙම වාදවලට මිගෙට්‌ටුවත්තේ, බුලත්ගම, පොතුවිල, නාහිමිවරු සමග හික්‌කඩුවේ සුමංගල හිමියන්ද වාද කොට ඒවායින් ජය ගත්තේය. ආගමික හා ශාස්‌ත්‍රීය වශයෙන් වූ වාද රැසක් ඒවන විට පැවතුණි. මේවා බෞද්ධ ක්‍රිස්‌තියානි වාද, බුද්ධ වර්ශ, අධිමාස , සව්සන්දම්, නණ, ලළ, වාද ආදී වශයෙන් ප්‍රචලිත වූ අතර ඒ වාද සියල්ලටම හික්‌කඩුවේ නා හිමිද ප්‍රමුඛත්වයක් ගත්තේය.
ජපන් රටේ බෞද්ධ ජනතාවගේ ඉල්ලීමක් අනුව ඕල්කට්‌තුමා සමඟ ධර්මපාල තුමා ජපානයට යෑවීමට නාහිමිපාණෝ කටයුතු කළහ.
1873 විද්‍යොදය පිරිවෙන ආරම්භ කර එහි වසර 38 ක් පමණ විශිෂ්ඨ සේවාවක් කළ නාහිමිපාණන් වසර 81 ක් ආයු වළ¹ 1911 අප්‍රේල් 29 දා අපවත්වූ සේක. ෂඩ්භාෂා පරමේශ්වර, තොටගමුවේ ශ්‍රී රාහුල හිමිපාණන්ගෙන් පසුව පහළවූ අග්‍රගන්‍යයේ නාහිමි නමක් ලෙස හික්‌කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් සැලකිය හැකිය.