2009.12.02 දින අයි. ගුණරත්න මහතා "විජයට ගරහන්න මහා වංශය හුවා දැක්‌වීම "යන ලිපියට පිළිතුරක් ලෙස ලියමි.
පාලි භාෂාවෙන් රචිත වංශ කථා ගණනාවකි. අට්‌ඨකථා මහාවංශය, සිහලට්‌ඨ කථා මහාවංශය, යන හෙළි අටුවාවක් මූලාශ්‍ර කොට ගෙන වංසත්ථප්පකාසිනී (මහාවංශ ටීකාව) රචනා වී ඇති බව පිළිගෙන ඇත. අවාසනාවකට එම මූලික හෙළ බසින් රචිත අටුවා ග්‍රන්ථ ඉතිහාස මංකොල්ලකරුවන් විසින් විනාශ කොට ඇත. අතීතයේ මහා විහාරවාසී භික්‍ෂූන් වහන්සේලා ග්‍රන්ථ ලේඛන ගතකොට පවත්වාගෙන ගොස් ඇති අතර හෙළ බසින් රචිත පැරණි හෙළ අටුවා භාවිත කරමින් පාලි වංශ කථා බිහි වී ඇත. උදා - දීපවංශ මහාවංශ , බෝධිවංශ, ථුපවංශ මේවායේ අඩංගු කරුණු ඉතිහාස ගවේශකයන් විද්වතුන් අද දක්‌වා භාවිත කරයි. මේවා ජලිත අමරසිංහ වන මාගේ සොයා ගැනීම් නොවන බව අයි. ගුණරත්නයන්ට මතක් කළ යුතුය. දාඨාවංශය ද අභයගිරි විහාරයට අයත් හෙළ අටුවාවක් ඇසුරෙන් රචනා කරන ලද්දකි.
ඉහත ග්‍රන්ථ රචනයේදී පැරණි හෙළ අටුවාවන්ට කරන ලද අසාධාරණය හෝ හෙළ අටුවාවන්ගේ කරුණු පෙන්වා දීමට මට තෙවන ඇසක් නොමැත. එබැවින් පාලි වංශ කථාවන්ගේ අඩංගු කරුණු මගින් විජය පිළිබඳව ලියා පළ කළෙමි. පාලි අට්‌ඨකථා යුගයට පෙර රචනා කරන ලද දීපවංශය දැනට ඇති පැරණිතම පාලිවංශ කථාව සේ පිළිගනී. ඇතැම් විට අනාගතයේ මේ මතයද වෙනස් විය හැක. මන්දයත් ඉතිහාසය වරින් වර තහවුරු වන බැවිනි. මහා වංශයේ පළමු පරිච්ඡේදයේ දෙවන ගාථාවේ "පොරාණෙහිකතොපෙසෝ" යන වැකියෙන් පුරාණ සිංහල අට්‌ඨ කතාවක් පරිශීලනය කර ඇති බව තහවුරු වේ. මහා වංශය කියවීම තුළින් විජය ආක්‍රමණිකයාගේ පටන් ගාමිණී අභය (දුටුගැමුණු) රජු දක්‌වා යුගයේ දින වකවානු වැරදී ඇති බව පහසුවෙන් හඳුනාගත හැක. දීපවංශයේ මහාවංශයේ ෙඓතිහාසික විශ්වාසවන්ත බව මතු කරන ලද්දේ ටර්නර් ප්‍රින්සෝ ඊස් ඩේවිඩ් නෝමන්, වින්ඩීච්, ඔලිවර්බර්ග්ගයිගර් වැනි අපරදිග විචාරකයන් විසිනි. එබැවින් මා විසින් මහා වංශය අගය කිරීමක් හෝ ප්‍රතික්‍ෂේප කිරීමක් සිදු කොට නොමැත. මන්ද යත් ඉතිහාස ග්‍රන්ථ පරිශීලය හා අධ්‍යයනය නූතන විද්‍යාඥයන්ගේ නිවැරදි ක්‍රමවේදය වේ.
වංසත්ථප්පකාසිනී අත්පිටපත පළමු වරට සොයා ගන්නා ලද්දේ බුරුම රටිනි. මෙය කාම්බෝජ පිටපතක්‌ද වේ. ඉහත ග්‍රන්ථ මුලින්ම ක්‍රි. ව. 9,8 සියවසට අයිති බව මලලසේකර සූරීන් පෙන්වා දී ඇත. සෙනරත් පරණවිතාන මෙය ක්‍රි. ව. 11 සියවසට අයත් බව කියයි. ගයිගර් ක්‍රි. ව. 1000 - 1250 ට අයත් බව පෙන්වා දේ. එබැවින් අද දක්‌වා නිවැරදිව ග්‍රන්ථය රචනා යුගය පිළිබඳව කරුණු තහවුරු වීමක් සිදු වී නොමැත. කෙසේ වෙතත් ග්‍රන්ථ අවසානයේ කතුවරයා පවසන දෙයින් ග්‍රන්ථ රචනා කළ කාලය තුළ රටේ පැවැති තත්වය පැහැදිලි කරනු ලබයි. එනම් දුර්භික්‍ෂ භය, විදේශ ආධිපත්‍ය භය රෝග භය ආදී අතිශය අන්තරාදායක කාලයක මෙය රචනා කළ බව පහත ගාථාවෙන් පැහැදිලිවේ.
පඡ්ජපදොරුවංසස්‌ස, අක්‌ථවණ්‌ණනා
විදේසිස්‌සරියභය දුබ්බුට්‌ඨ භයරෝග
ඊයාදි විවිධ අන්තරාය යුක්‌ත කාලේපි
උන්තරායේන නිට්‌ඨානං පයාත
මලලසේකර සූරීන්ගේ වසර 7 ක උත්සාහයකින් පසු වංසත්ථප්පකාසිනී නැවත පරිවර්තනය වී ඇත.
මේ සඳහා යොදා ගත් අත් පිටපත් සංඛ්‍යාව 15 කි.
1.කොළඹ කෞතුකාගාරයට අයත් පිටපත
2. මන්දලේනුවර ඉන්දීය කාර්යංශයට අයත් අත් පිටපත
3. එයට අයත් දෙවෙනි පිටපත
4. 1895 ප්‍රකාශිත ඤණස්‌සර බටුවන්තුඩාවේ සංස්‌කරණය
5.වැලිතර අම්භරුක්‌ඛාරාම අත් පිටපත
6. දොඩන්දූවේ ශෛලබ්මිබාරාම අත්පිටපත
7. කේම්බ්‍රිඡ් සරසවියේ අත් පිටපත
8.කොළඹ කෞතකාගාරයට අයත් 3 වන පිටපත
9. එම 4 වන පිටපත
10. විෙද්‍යාaදය පිරිවෙණ් පුස්‌තකාල අත් පිටපත
11. නෝපේන් නුවර රාජකීය පුස්‌තකාල අත් පිටපත
12. පැරිස් නුවර ජාතික පුස්‌තකාලයට අයත් අත් පිටපත
13. බැංකොක් නුවර රාජකීය අත් පිටපත
14. පරමධම්මෙච්තිය පිරිවෙණ් අත් පිටපත
15. සොයාගත් ස්‌ථාන සඳහන් නොවන අත් පිටපත
ඉහත සඳහන් ග්‍රන්ථ ලේඛනයේ පිටපත්හි සඳහන් කරුණු ප්‍රතික්‍ෂේප කිරීමට අයි. ගුණරත්න මහතා මගේ නම සඳහන් කරකර ඇති ප්‍රකාශය ද්වේශ සහගතය. එබැවින් මහා වංශය මනා ලෙස අධ්‍යයනය මගින් විජය ගේ පැටිකිරිය විධිමත් ලෙස තහවුරු කළ හැක. කාලිංගමාග කඳු ගසා ගිනි තැබූ අපේ ඉතිහාස හෙළ මූලාශ්‍ර වෛද්‍ය, ග්‍රන්ථ, ජ්‍යෙdතිශ ග්‍රන්ථ, හා නීලගිරි අධ්‍යාපන කේන්ද්‍රය වැනසූ නිලවේලිඳු නම් ද්‍රවිඩ ආක්‍රමණිකයාගේ ක්‍රියා පරිපාටිය නොවන්නට ලංකා ඉතිහාසය උඩුයටිකුරු වනු නොඅනුමානය. නීලගිරියේ (මානෑකන්ද) පුරාවිද්‍යාත්මක නටඹුන් මගින් ලංකා ඉතිහාසය වඩා නිවැරදිව පෙන්නුම් කරයි. කුවේණි සහ විජය මුණ ගැසුණු මහා පාලී පොකුණ අද දක්‌වා මානෑකන්දේ දක්‌නට ලැබේ. මූණපුර පුස්‌ථක ලෙන වෙසමුණිධරණිවත (යක්‌ෂ ගෝත්‍රික ශිල්ප මධ්‍යස්‌ථානයකි) වැනි නටඹුන් කාලයාගේ වැලිතලාවෙන් වැළලී ඇත.
වංසත්ථප්පකාසිනී 49 , 50, 51 ගාථා අනුව
පණ්‌ණාකාරේ මහාසාරේ මනි මුත්තාදිතේබහු
ගහපයිත්වා පහෙසුං දක්ණං මධුරං පුරං
මෙහි තේරුම නම් විජය නම් ආක්‍රමණිකයා මධුරා පුරය හෙවත් ඉන්දියාවෙන් නැවත විවාහයක් කරගෙන ඇති බවයි. ඇයටද ලංකාවේ කිසිදු උරුමයක් නොමැත. වරිගපූර්ණිකාව අනුව මැයගේ නම කාවේරි නම් වේ. මධුරාපුරය පිහිටා ඇත්තේ ද ඉන්දියාවේ වන අතර විජයට හෝ එම පරපුරට ශ්‍රී ලංකාවේ රාජ්‍ය උරුමයක් නොමැති බව මහා වංශය නොතිබෙන්නට අපට තහවුරු කරගත නොහැක. එබැවින් මනා කොට මහා වංශය කියවන ලෙස අයි. ගුණරත්න මහතාගෙන් ඉල්ලා සිටිමි.
වංසත්ථප්පකාසිනී 67, 68 ගාථා අනුව
පුත්තධිතාහි වඩිත්තා රාජානුඤ්ඤායතේවසුං
කත්ථෙව මලයේ එසෝ පුලින්දානං සම්භවෝ
ඉහත ගාථා අනුව සරල තේරුම් විජයගේ දරුවන් වූ ජීවහත්ථ දිසාලා ගෙන් පුලින්දයන් ඇති වූ බවයි. පුලින්දයන් යනු නොදියුණු ජන කොට්‌ඨාශයක් බව ගුණරත්න මහතාට නොතේරීම හාස්‍යයට කාරණයකි. යක්‌ෂ ජන සමාජයට වැද්ද නොගත් නොදියුණු ශිෂ්ඨාචාරයට අනුගත වූ ආදී වාසීන් වැද්දන්ය. එය ඔවුන්ගේ සංස්‌කෘතිය තුළින් අද දක්‌වා ම පෙන්නුම් කරයි. වැද්දන් හැර වෙනත් පුලින්ද ජන කෝට්‌ඨාශයක් සමාජයේ ඇත්නම් අපගේද දැන ගැනීම පිණිස ඉදිරිපත් කරන්නේ නම් අගය කොට සලකමි.
මාහාකාල යක් රජුගේ රාජ්‍ය මංකොල්ල කෑම් පිළිබඳ සටහන් මහා වංශය නොතිබෙන්නට අපට සොයා ගත නොහැක. විජයගේ දරු පරපුරට අහිමි වූ රාජ්‍ය උරුමයේ තොරතුරුද මහා වංශයේ හා වංසත්ථප්පකාසිනි යේ මැනවින් පෙන්වා දේ.
මෙනයින් බලන කල මහා වංශය ඉතිහාස ගවේෂණයේදී මූල ග්‍රන්ථයක් ලෙස පරිශීලනය අත්‍යාවශ්‍යය. මහා වංශයේ සඳහන් නොමැති අප්‍රකට ග්‍රන්ථ නාමාවලියක්‌ද වෙසමුණිධරණිවත පුස්‌ථකයන්හි සඳහන් කරුණුද සාධකද අප මෙයට පෙර "දිවයින" පුවත් පතින්ම ලිපි මගින් ඉදිරිපත් කළෙමු. එබැවින් නැවත ඒවා පුල පුලා සඳහන් කිරීමට අදහස් නොකරමි.
විජය ගේ දේශය කාලිංගය වන අතර විජයගේ බස සිංහල නම් ඉන්දියාවේ සිංහල භාෂාව හා සිංහලයින් අද දක්‌වා ජීවත් විය යුතුය. එබැවින් විජයගේ මව් බස සිංහල ද නොවන බව මෙම සරල උදාහරණයෙන් තේරුම් ගත හැක. තවද කාලිංගය ඉන්දියාවේ කොතැන පිහිටියේදැයි සිතියමක් අධ්‍යයනයෙන් සොයා ගත හැක. විජය නගර්, විජය පට්‌නම්, විජය රාජ පෙළපත, ඇත්තේ ඉන්දියාවේ මිස ශ්‍රී ලංකාවේ නොවේ. විජයගෙන් සිංහලයන් පැවැත එනවා යෑයි දැවැන්ත මතයක් ගොඩ නැගුවේ සුද්දන් හැර වෙත කවරෙක්‌ද?
විවේචනය, ගවේශණය තුළින් ඉදිරිපත් කරන්නේ නම් අගය කොට සලකමි.
ජලිත අමරසිංහ