Tuesday, March 29, 2011

අගමැති කාර්යාලයේ සිදුවූ මූල්‍ය අක්‍රමිකතාවලට සම්බුද්ධ ජයන්තිය ඈදා ගැනීම වරදක්‌
ආචාර්ය අකුරටියේ නන්ද හිමි

සම්බුද්ධත්ව ජයන්ති මෙහෙයුම් කමිටුවට කිසිදු මූල්‍ය බලයක්‌ නැති බවත් අගමැති කාර්යාලයේ මූල්‍ය අක්‍රමිකතා සිදුවූ විට එයට සම්බුද්ධත්ව ජයන්තිය ඈදා ගැනීම පිළිබඳ දැඩි අප්‍රසාදය හා විරෝධය පළකරන බවත් එහි සාමාජික ආචාර්ය අකුරටියේ නන්ද නාහිමියෝ නිවේදනය කරති. සම්බුද්ධත්ව ජයන්ති කටයුතු වලදී මූල්‍ය අක්‍රමිකතා සිදුවී ඇතැයි අගමැති දි.මු. ජයරත්න මහතා සිදුකළ ප්‍රකාශය පිළිබඳව නිවේදනයක්‌ නිකුත් කරමින් උන්වහන්සේ එසේ පවසති.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

ඉකුත් 26 වැනිදා "දිවයින" පුවත්පතෙහි පළවූ සම්බුද්ධත්ව ජයන්ති කටයුතුවලදී මුදල් අක්‍රමිකතා සිදුවෙලා යන ප්‍රවෘත්තිය කෙරෙහි අපගේ අවධානය යොමුවිය. සම්බුද්ධ ජයන්ති කමිටුව කිසිදු මූල්‍ය බලයක්‌ නැත. මෙහෙයුම් කමිටු සාමාජිකයෝ නිශ්සරණාධ්‍යාසයෙන් මේ කටයුතු කරති. එම ලේකම් කාර්යාලයේ සේවක පිරිසගේ දීමනා හා වියදම් අමාත්‍යාංශය මගින් දරනු ලැබේ. තම අමාත්‍යාංශයේ කිසිවකු මූල්‍ය අක්‍රමිකතා සිදුකර ඇත්නම් ඊට විනයානුකූලව ක්‍රියා කිරීම අදාළ අමාත්‍යවරයා සතු කාර්යයකි. එය පුවත්පතට ප්‍රකාශ කිරීම සම්බුද්ධ ජයන්තිය සැහැල්ලු කිරීමක්‌ බව මගේ පිළිගැනීමය. සම්බුද්ධ ජයන්තිය ඈදාගැනීම පිළිබඳ මගේ විරෝධය සහ අප්‍රසාදය පළකරමි.