Wednesday, February 23, 2011

සකු බසින් ලොව මවිත කළ දවුල්දෙණ මහා නාහිමියෝ 95 වන විය සපුරති


"ලොවින් එකෙක්‌ එක දෙයකට වෙයි සමත" යන සුභාෂිතයෙහි එන ප්‍රකට කියමන අනාථ කරන චරිතයක්‌ ලෙසයි මා දවුල්දෙණ මහා නාහිමියන් දකින්නේ. දවුල්දෙණ ඤdණිස්‌සර මහා නාහිමියන් වහන්සේ, යසෝදරා චරිතම්, යතිදුතම්, මාරාංගනා විජයම්, ශ්වානස්‌වත කාව්‍යයම්, මාරාංගනා විජයම්, විදුරපොල පියතිස්‌ස චරිතම්, බලංගොඩ මෛත්‍රීය වරිතම් ආදි සංස්‌කෘත කාව්‍ය 10 පමණ රචනා කර ඇති සුවිශේෂ පඬිවරයෙකි. උන් වහන්සේ එබඳුම දක්‍ෂතාවක්‌ ඉංග්‍රීසී භාෂාවෙන්ද දක්‌වන බව දන්නේ අල්පයකි. උන්වහන්සේ එබඳු දක්‍ෂතාවන් හෙළි වන්නේ විදේශ සම්මන්ත්‍රණයක හෝ සම්මේලනයකට ගිය අවස්‌ථාවකදීය. තායිලන්තයේ පැවැත්වෙන එක්‌සත් ජාතීන්ගේ වෙසක්‌ උත්සවයට රටවල් 60 ට අයත් නියෝජිතයෝ රැස්‌වෙති... එ බඳු අවස්‌ථාවක ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කිසිදු සටහනක්‌ නැතුව චිත්තාකර්ෂණීය කතාවක්‌ උන්වහන්සේ කරනුයේ සභාව ප්‍රීති ප්‍රමෝදයට පත් කරමිනි. මෙහි තවත් විශේෂත්වයක්‌ වන්නේ ඌව පරණගම දවුල්දෙණ වැනි හද්ද පිටිසර ගම්මානයක පහසුකම් නැතිව ඉපිද මෙවැනි හපන්කමක්‌ කිරීමට හැකිවීමයි.

1916 ප්‍රදේශයේ වැදගත් පරපුරක ජන්ම ලාභය ලබා දාහතර වියේදී ඌව පරණගම සපුගොල්ල මහා විහාරයේදී ඌමැලේ පඤaඤdනන්දාභිධාන උඩරට සාමග්‍රී සංඝ සභාවේ අනුනායක මාහිමියන්ගේ ශිෂ්‍යයකු ලෙස පැවිදි බවට පත්විය. පුරාතන චාරිත්‍රානුකූලව ආචාර්ය උපාධ්‍යයන් වෙතින් පැවිද්දට අවශ්‍ය මූලික උගත මනා බණ දහම් උගෙන විධිමත් අධ්‍යයනය සඳහා ශ්‍රී ලංකාවේ කීර්තිමත් ප්‍රමුඛ අධ්‍යයන ආයතනයක්‌ වන කොළඹ මාළිගා කන්ද විදුදය පිරිවෙනට ඇතුළත් කරන ලදහ. එවකට පරිවේණාධිපති පණ්‌ඩිත ශ්‍රී බද්දේගම පියරතන නාහිමි, වැලිවිටියේ ශ්‍රී සොරත නාහිමි, කළුකොඳයාවේ පඤaඤdශෙඛර මහා නාහිමි ඇතුළු පඬිවරුන් හමුවේ වර්ග පටිපාටියෙන් අධ්‍යයනය කළ ඤdණේස්‌වර හිමියන් සෑම වසරකම පළවැනියා වෙමින් අවසාන ද්විතියාංශයෙන් උත්තීරණය වූයේ ඊට හිමි සියලුම සම්මාන හිමිකර ගනිමිනි. විෙද්‍යාaදය පිරිවෙනේ ශිෂ්‍යයකුට ලැබිය හැකි උසස්‌ම සම්මානය වන ශාමරාජ ත්‍යාගය හිමි කරගනිමින් ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ රාජකීය පණ්‌ඩිත උපාධිය ද විශිෂ්ට ලෙස සමත්වන උන්වහන්සේ ධර්මාචාර්යයන් වහන්සේ නමක්‌ ලෙස ප්‍රදේශ රැසකම සේවය කළහ.

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශ්‍රාම ලැබීමෙන් අනතුරුව 1976 සිට වසර 25 ක්‌ම කොළඹ මාළිගාකන්ද විෙද්‍යාaදය පිරිවෙණේ ආචාර්යවරයන් වහන්සේ නමක්‌ ලෙස ද සේවය කළහ. පාගොඩ විද්‍යා විජයාරාමය ආරම්භ කොට අංග සම්පූර්ණ විහාරයක්‌ කළා පමණක්‌ නොව ඊට ආසන්නව භාවනා මධ්‍යස්‌ථානයක්‌ ද ඇරඹූහ. මේ කාලයේදී උඩරට සාමග්‍රී සංඝ සභාවේ ද විවිධ තනතුරු හොබවමින් එහි අනුනායක පදවියෙන් ද මහා නායක පදවියෙන්ද පිදුම් ලද නාහිමියන් වහන්සේ ධර්මාචාර්ය වහන්සේ නමක්‌ ලෙස කලක්‌ තායිවානයේ ද සේවය කළහ. ත්‍රිපිටකය සිංහලට නැඟීමේ කමිටුවේ ද සාමාජිකයකු ලෙස සේවය කරන මහා නාහිමියන් වහන්සේ නොයෙකුත් කරුණු අරබයා ප්‍රශස්‌ති රැසක්‌ ද සම්පාදනය කර ඇත. විදේශ රටවල් රැසක නොයෙක්‌ සමුළු සම්මේලන අමතා ඇති නාහිමියන් වහන්සේ වසර 95 ගත වූවද "කාව්‍ය ශාස්‌ත්‍ර විනෝදේන කාලෝ ගච්ඡති ධීමත"ම්" යන පඬි කියමන අනුව තම දවස ගතකරති.

අතිපූජ්‍ය මඩිහේ පඤaඤdසිහ මහානාහිමියන් වහන්සේ අපවත් වීමෙන් පසු හිස්‌ වූ "උත්තරිතර මහානායක පදවිය" සඳහා ඒකච්ජන්දයෙන් තේරීපත් වූ මහානාහිමි පාණන් වහන්සේ බුරුම රජයෙන් අග්ගමහා පණ්‌ඩිත උපාධිය ද විෙද්‍යාද්‍ය විද්‍යාලංකාර දෙපිරිවෙණින් දෛවිභාෂා විශාරද හා සංස්‌කෘත භාෂා චක්‍රවර්ති යන උපාධිවලින්ද පිදුම් ලදහ. 95 විය සපුරන මහා නාහිමියන් වහන්සේ නොබෝදා තායිලන්තයේ විශ්වවිද්‍යාලයක්‌ මගින් දර්ශන සූරී උපාධියෙන් ද පිදුම් ලදහ. මෙම දෙසැම්බර් 31 වැනි දිනට අනූහය වියට පා තබන මහා නාහිමිපාණන් වහන්සේට දිගාසිරි පතා ශතාධික සංඝගත දක්‍ෂිණාවක්‌ පාගොඩ විද්‍යාවිජයාරාමයේ දී පැවැත් වේ.

ඉතාමත් නිරහංකාර අපිස්‌ සතොස්‌ දිවියක්‌ ගෙවන අමරපුර සංඝ සභාවේ උත්තරිතර මහානායක අග්ග මහා පණ්‌ඩිත දෛවි භාෂා විශාරද සංස්‌කෘත භාෂා චක්‍රවර්තී ශ්‍රී සුමංගල විද්‍යාවතංස රාජකීය පණ්‌ඩිත දවුල්දෙණ ඤdණිස්‌සර මහානායක මාහිමියන් වහන්සේ ශතවර්ෂාධික කාලයක්‌ යෙහෙන් වැජඹේවායි පතමු.

ආචාර්ය අකුරටියේ නන්ද නාහිමි