Saturday, April 30, 2011

Ven Sri Sumangala Thera commemorated: Vidyodaya Pirivena, Maligakanda yesterday commemorated the 100th death anniversary of its founder Most Ven Hikkaduwe Sri Sumangala Thera at the pirivena premises under President Mahinda Rajapaksa’s patronage. Here President Rajapaksa places a floral tribute to the portrait of Ven Hikkaduwe Sri Sumangala Thera. Parivenadhipathi of the Pirivena Ven Balangoda Sobitha Thera was also present. Picture by Chandana Perera

Friday, April 29, 2011

සම්බුද්ධත්ව ජයන්තිය සමරා මුද්දර 6ක් නිකුත් කිරීම අද



දෙදහස් හයසීය සම්බුද්ධත්ව ජයන්ති සැමරුම වෙනුවෙන් සමරු මුද්දර හයක් අද (29) නිකුත් කෙරේ. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තැපැල් සේවා ඇමැති ජීවන් කුමාරතුංග මහතාගේ සහභාගීත්වයෙන් කොළඹ මාළිගාකන්ද විද්‍යෝදය පිරිවෙන් විහාරයේදී පස්වරුවේ මෙම මුද්දර එළිදැක්වීමේ උළෙල පැවැත්වේ.
එක් මුද්දරයක වටිනාකම රුපියල් 5කි. ප්‍රධාන තේමාවන් හයක් යටතේ මෙම මුද්දර නිර්මාණය කර ඇත. මෙම අවස්ථාව සඳහා නායක හිමිවරුන්, මහා සංඝරත්නය ඇතුළු මැති ඇමැතිවරුන් සහභාගි වේ.
නූතන භික්‍ෂු අධ්‍යාපනයට ශ්‍රී සුමංගල නාහිමි
චින්තනයෙන් එහා විකල්පයක්‌ නෑ


හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ ශත සංවත්සර ගුණානුස්‌මරණ මහෝත්සවය මෙම 29 වැනිදා විෙද්‍යාදය පිරිවෙණේදී පැවැත්වෙයි. මෙම ලිපිය ඒ නිමිත්තෙන් පළ කෙරෙන්නෙකි.

දහනව වන ශත වර්ෂයේ ලංකාවේ පහළ වූ ශ්‍රේෂ්ඨතම විද්වතා හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් බව දෙස්‌ විදෙස්‌ පඬිවරු අවිවාදයෙන් පිළිගනිති. ඇතැම් විදේශික පඬිවරුන් උන්වහන්සේ හැඳින්වූයේ දකුණු බුදුසමයේ (ථෙරවාද බුදුසමයේ) පඬිවරයා වශයෙනි. විවිධ අර්බුද හමුවේ සීග්‍රයෙන් පරිහානියට පත් සංස්‌කෘතික පසුබිමක්‌ යටතේ පන්නරය ලබමින් නැගී සිටි අනගාරික ධර්මපාල, වලිසීහ හරිශ්චන්ද්‍ර වැනි ගිහි උගතුන් පමණක්‌ නොව මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමියන් වැනි පැවිදි උතුමන් ද කරන ලද සේවය වර්තමාන පරපුරට යළි යළිත් සිහිපත් කරවා දීම කෘතවේදී ජාතියක වගකීමක්‌ බව කිව යුතුය. මෙහිදී සමස්‌ත ජාතියම තේරුම් ගත යුත්තක්‌ ඇත. එනම්, ජාතික ආගමික මාමකත්වය නිසා නැගී සිටි මෙම ශ්‍රේෂ්ඨ යුග පුරුෂයන්ට බුද්ධිමය පන්නරය ලැබුණේ බෝධිසත්ව ගුණෝපේත හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් නිසා බවය.

හෙන්රි ස්‌ටීල් ඕල්කට්‌, පෝල් ඩාල්කේ වැනි විදේශීය උගතුන් මෙරටට පැමිණියේ උන්වහන්සේගේ පාණ්‌ඩිත්‍යය නිසා ය. සතිශ්චන්ද්‍ර විද්‍යාභූෂණ පඬිතුමා දැනුම සොයා ලංකාවට පැමිණීමට තීරණය කළ පසු ඔහුගේ මිතුරන් "ලංකාවෙන් ඔබ මොනවා ලබන්න" දැZයි උපහාසාත්මකව සිනාසුණ බවත් හික්‌කඩුවේ නාහිමියන්ගෙන් දැනුම ලබා ආපසු සියරටට යද්දී තම පරිපූර්ණ ඥනය පිළිබඳ උදන් ඇනූ බව සඳහන් වේ. කොළඹ ආනන්ද විද්‍යාලය, මහනුවර ධර්මරාජ විද්‍යාලය, ගාල්ලේ මහින්ද විද්‍යාලය වැනි බෞද්ධ විද්‍යාලය බිහි වූයේ ද හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් නිසා බව නූතන අධ්‍යාපනයේ වරප්‍රසාද භුක්‌තිවිඳින කිසිවෙකු විසින් අමතක නොකළ යුත්තකි. විශේෂයෙන් විෙද්‍යාදය විශ්වවිද්‍යාලය නමින් පැවති දැනට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය නමින් ප්‍රකට ජාතික විශ්වවිද්‍යාලය බිහි වූයේ හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් විසින් පිහිටුවන ලද මෙරට නූතන භික්‍ෂු අධ්‍යාපනයේ ජයටැඹ ලෙස සැලකෙන කොළඹ මාලිගාකන්දේ විෙද්‍යාදය පිරිවෙණ ආශ්‍රයෙනි.

සම්බුද්ධත්ව ජයන්තිය සමරන මෙම අවස්‌ථාවේ දී රජයේ සහ මෙරට බෞද්ධ උගතුන්ගේ අවධානය යොමු විය යුතු කරුණු අතරත් ප්‍රධාන වූවක්‌ ලෙස නූතන භික්‍ෂු අධ්‍යාපනය හඳුන්වා දිය යුතුය. ගෝලීයකරණය වන ලෝකයේ භික්‍ෂුවගේ වගකීම විවිධ අය විවිධ ආකාරයෙන් අර්ථකථනය කළ ද භික්‍ෂුවට විමුක්‌තියට විවර වන මග පදනම් කොට ගත් අධ්‍යාපන ක්‍රියාවලියක්‌ උරුම වනු විනා ඉන් ඔබ්බට ගිය ඉගෙනීම් සමුදායක්‌ නැත. නූතන තාක්‍ෂණික මෙවලම් යොදා ගැනීමෙන් මෙය තවදුරටත් ශක්‌තිමත් කළ හැකි බව කවරෙකුට වුවත් පහසුවෙන් තේරුම් ගත හැක්‌කකි. මේ නිසා වර්තමානයේ භික්‍ෂු අධ්‍යාපනයේ ගමන් මග පිළිබඳ පුළුල් සාකච්ඡාවක යෙදීම යුගයේ අවශ්‍යතාවකි.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවතින පිරිවෙන්වලින් සියයට අනූවක්‌ම විෙද්‍යාදය හා විද්‍යාලංකාර යන මහ පිරිවෙන් දෙක ආශ්‍රයෙන් බිහි වූ ඒවාය. කැලණිය හා ජයවර්ධනපුර විශ්විදයාල බිහිකිරීමට තරම් ප්‍රබල ඥන සම්භාරයක්‌ ඒකරාශිව පැවති මෙම පිරිවෙන් නිසා ජාතික හා ජාත්‍යන්තර තලයට පිවිසි උගතුන් ලංකාවට ඉමහත් කීර්තියක්‌ විය. ජී. පී. මලලසේකර, ආනන්ද ඩබ්. පී. ගුරුගේ වැනි වියතුන් දැනුමෙන් ලංකාව අමරණීය අධ්‍යාපන මධ්‍යස්‌ථානයක්‌ බව ලෝකයට පන්වා දී තිබීම මෙයට කදිම නිදසුන් ය. එබඳු තත්ත්වයක පැවති පිරිවෙන් අධ්‍යාපනය රජයට සම්බන්ධ කිරීමෙන් ඒවා පවත්වා ගෙන යැමේ දී උද්ගත වූ ආර්ථික දුෂ්කරතා, ගුරු හිඟය වැනි යම් යම් ගැටලු විස¹ ගැනීමට හැකි වුවද අධ්‍යාපනය ගුණාත්මක වශයෙන් බිඳ වැටුණු බව කවුරුත් දන්නා කරුණකි, අධ්‍යාපනයේ සෝදාපාලුව අනුක්‍රමයෙන් සිදුවන අතර ස්‌වාධීන අධ්‍යාපන ආයතන වශයෙන් විෙද්‍යාදය හා විද්‍යාලංකාර පිරිවෙන් දෙක යෝධ ස්‌තම්භ දෙකක්‌ ලෙස අඛණ්‌ඩව සිය මෙහෙවර දිගු කලක්‌ කරගෙන යැම නිසා උගත් භික්‍ෂුන් වහන්සේ තුළ යම් අස්‌වැසිල්ලක්‌ පැවැති බව අපි දනිමු. විශාල ගිහි පැවිදි ශිෂ්‍ය සංඛ්‍යාවක්‌ ඉගෙනුම ලැබූ විශිෂ්ට ආචාර්ය මණ්‌ඩලයකින් සැදුම් ලද අධ්‍යාපන නිකේතන වශයෙන් ඒවා සම්මානිතව පැවතිණි.

යථෝක්‌ත කරුණ මෙහි ලා සඳහන් කරන ලද්දේ අභියෝග අබිමුව මූල්‍යමය අර්බුද හා අධ්‍යාපනය යන කරුණු දෙක විෂයෙහි හික්‌කඩුවේ නාහිමියන් දැක්‌වූ ආකල්පය විමසා බැලීම සඳහා ය. දැනට විෙද්‍යාදය පිරිවෙණ පිහිටි කොළඹ මාලිගාකන්දේ භූමි භාගය 1871 වර්ෂයේ දී රුපියල් 6000 ක වටිනාකමින් යුතු විය. එහෙත් මෙම මුදලෙන් භාගයක්‌ වත් සොයා ගැනීමට නොහැකි විය. සකීය ඵලදායක ක්‍රියාවලියක්‌ සිදුවන බව තේරුම්ගත් ලන්සගේ අන්ද්‍රිස්‌ ප්‍රේරා අප්පුහාමි නමැති මහතෙකු ඉඩමේ වටිනාකමෙන් තුනෙන් එකක්‌ ගෙන ඉඩම දීමට කාරුණික වූ බව ද සඳහන් වේ. එබඳු තත්ත්වයක්‌ තුළ ඇරඹූ විෙද්‍යාදය පිරිවෙණ ජාත්‍යන්තර කීර්තියට පත් අධ්‍යාපනික ආයතනයක්‌ බවට පත් කිරීමේ කර්තව්‍ය අතිශය ප්‍රශස්‌ත ය. අනෙක්‌ අතින් තුන් කල් දත් නුවණින් මෙන් මෙරටට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක්‌ හඳුන්වා දීම ගැන හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ට මෙරට බුද්ධිමත් ජනයා නිකැළැල් ගරුත්වය පුදනු නියත ය.

මෙරට අධ්‍යාපනය පිළිබඳව ජාතික සැලැස්‌මක්‌ නොමැතිකම පිළිබඳව කාලයක සිට ශිෂ්‍ය ප්‍රජාව හා බුද්ධිමතුන් විසින් මැසිවිලි නගන බව අපි දනිමු. විශේෂයෙන් අද වන විට බටහිර රටවල අත්දැකීම් හා ප්‍රවණතා සැලකිල්ලට ගත් අධ්‍යාපනඥයන් විසින් හඳුන්වා දෙනු ලබන ක්‍රමවේදයන් නිසා පාසල් පිරිවෙන් හා උසස්‌ අධ්‍යාපන ආයතනවල විෂය නිර්දේශ වරින් වර වෙනස්‌ කිරීම් වලට හසුවේ. කාලාන්තරයක්‌ තිස්‌සේ මෙරටට අනුක්‍රමයෙන් වැඩුණු සාම්ප්‍රදායික ඥානය ඉතා සූක්‌ෂම ලෙස විනාශ වී යන අයුරු බුද්ධියෙන් මෙන්ම කාලයෙන් මුහුකුරා ගිය වියත් හු දකිති. එසේම දොම්නස්‌ සුසුම් හෙළති. එහෙත් අපට ආවේණික චින්තන ක්‍රමයට අනුකූල වූ අනුක්‍රමයෙන් සංවර්ධනය වෙමින් පැවැති ආර්ථික රටාවක්‌ මෙන්ම ගෘහ නිර්මාණ, වාරි කර්මාන්ත, චිත්‍ර මූර්ති, කැටයම්, වෛද්‍ය, අධ්‍යාපනික හා විවිධ තාක්‌ෂණික ක්‍රම අනුරාධපුර යුගයේ සිට වැඩෙමින් පැවති බවද අපි දනිමු. මේවා අද වන විට අපගේ නොසැලකිල්ලට භාජන වී ඇතත් අනුරාධපුරය, පොළොන්නරුව, සීගිරිය වැනි ස්‌ථානවල එදා කළ නිර්මාණ හා වාරි ව්‍යාපෘති වැනි දේවලින්ද අද ද රජයට හා ජනතාවට විශාල ප්‍රතිලාභ ලැබේ. මෙම සාම්ප්‍රදායික ඥානය රැකගැනීමට හා පෝෂණය කිරීමට වැඩපිළිවෙළක්‌ නොතිබූ හෙයින් අප අද විදේශාධාර හා ණය ලබා ගැනීමේ අරගලයක නිරතව සිටින අතර එය ලබා ගැනීම ජයග්‍රහණයක්‌ සේ ද සිතීමට නිහීනව ඇත.

බුදුදහම මෙම උවදුරෙන් යම් පමණකට හෝ බේරා ගැනීමට හැකිවීම භාග්‍යයකි. මෙරට සිටි වගකිවයුතු භික්‌ෂූන් වහන්සේලා ඊට යම් යම් පියවර ගෙන තිබිණි.

මේ සඳහා 19 වන සියවසේ තැබූ විශිෂ්ටතම පියවර නම් බුද්ධිමත් ගිහි ප්‍රභූන් පිරිසකගේ ද පැවිදි උතුමන් කිහිපදෙනකුගේ ද සහයෝගයෙන් හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් විසින් ධර්ම ශාස්‌ත්‍රීය අධ්‍යාපනය මැනවින් ඉදිරියට පවත්වා ගෙන යැම සඳහා වැඩපිළිවෙළක්‌ යෙදීමයි. විෙද්‍යාදය පිරිවෙණ එහි පදනම මෙන්ම අග්‍රතම ඵලය ද වේ. මෙම පිරිවෙණ පිහිටුවීමේ දී සිල්වත් හා බුද්ධිමත් භික්‌ෂුවක්‌ මෙන්ම ගුණවත් හා බුද්ධිමත් ගිහි පඬිවරයෙකු බිහි කිරීමට අවශ්‍ය කරුණු ගැන ශ්‍රී සුමංගල නාහිමියන්ගේ කුශාග්‍ර බුද්ධියෙන් අමුතුවෙන් සිතිය යුතු නොවීය.

මහාචාර්ය මකුරුප්පේ ධම්මානන්ද හිමි
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය
කැලණිය විශ්වවිද්‍යාලය